1

1

2

2

3

3

4

4

5

5

Friday, June 14, 2013

FREE SMS SERVICE

ඔන්න නියම වැඩ කැලි දෙකක් ගෙනාව අදත්,,,,
මටත් කොල්ලෙක් තමා කිවේ....
පට්ටම පටට....
එහෙනම් පටාන් ගමු....

මුලින්ම තියෙන්නේ අපේ වැඩ ලේසි කර ගන්න දෙයක්... අපි අපේ පරිගණකයේ සෙටින්ග්ස් හදන්න එක එක තැන් වලට යනවනේ.... කන්ට්‍රෝල් පැනල, අරව මේවා....
කොහොමද මේ ඔක්කොම එකම තැනකින් කර ගන්න තියෙනවා නම්....
අන්න එකයි අද කරන්න යන්නේ...
වෙනම සොෆ්ට්වෙය දාන්න ඕනේ නැ,
ක්‍රැක් කරලා පවු පුරවා ගන්න ඕනේ නැ,
ස්පීඩ් අඩු වෙන් නැ,,,,
අපිමයි මේක හදන්නේ.....

ඔන්න එහෙනම් පටන් ගමු...
මුලින්ම හදන්න ඩෙක්ස්ටොප් එකේ new folder එකක්.... 
දැන් එක rename කරන්න God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා..... මේක කොපි කරලා දාන්න... නැත්නම් වරදීවි....
දැන් එන්ටර් ඔබලා rename කරන එක ඉවර කරන්න...
දැන් open කරලා බලන්න....
ඔන්න බඩු හරි....
ඔකකොම එක තැන....


ඔන්න තව එකක්....
මේක ඊටත් වඩා පට්ට....
මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,
persident කියලා නම්බර් එකකින්.... 
අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...
මුලින්ම යන්න https://www.smsglobal.com
කියන සයිට් එකට....
හදාගන්න ඔකේ account එකක්...
අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.
තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,
මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට... 
දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...

වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...
මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...




දැන් මෙහෙම එකක් එයි,,,



දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...
ඉලගට Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...
ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....
උදා: President

Message Template: මේක මොකුත් කරන්න එපා...

දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....
ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....

මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....

Sender ID From: කියන එකට දැම්ම Defence Min. (Defence Ministry) කියලා....

මැසේජ් එකට මෙහෙම දැම්ම...

A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be carefulකියලා....

වැරදි වැඩක් තමා...
විහිලුවට වගේ දැම්මේ මගේ රුමට....
මෙන්න මු දුවගෙන එනවා...
මම දන ගත්ත වැඩේ හරි කියල....

හැබැයි මචන් වැඩදා කියන්නම් නරක දෙකට නම් මේක යොදා ගන්න එපා....
මේකෙන් ආතල් ගත්තට කමක් නැ, 
පමණ ඉක්මවලා යන්න එපා.....
උබලත් මේක හොද දෙකට පාවිච්චි කරපල්ලා.......

එහෙනම් අපි කැපුනා......

මොනවා හරි කියාගෙන පලයල්ලා.....

Strategic Rocket Forces




රුසියානු උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces) නවතම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ශක අංශ වෙතින් වාර්තාවනවා. මෙම බැලිස්ටික් මිසයිලයට ඕනෑම බැලිස්ටික් මිසයිල නාශක පද්ධතියක් (Anti-Ballistic Missile System - ABMS) අභිබවා ඉලක්කය වෙත යා හැකිබව එය නිර්මාණය කල රුසියානු ඉන්ජිනේරුවන් පවසනවා.

පසුගිය ජූනි 7වැනි දින සිදුවුනු මෙම අත්හදා බැලීම අමෙරිකාව යුරෝපය තුල සිය බැලිස්ටික් මිසයිල නාශක පද්ධති ස්ථාපනය කරන බවට සිදුකල ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු සිදුවීම වැදගත් සිද්ධියක් ලෙස විචාරකයින් පවසනවා. පසුගිය සතියේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පෝලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවී අමෙරිකානු මිසයිල නාශක පද්ධති 2018 වසරේදී පෝලන්තයේ ස්ථාපනය කිරීම සඳහා පෝලන්ත රජයේ නිළ අනුමැතිය ලබාගත්තා.

මෙම මිසයිලය සාර්ථකව අත්හදා බැලීම මගින් අමෙරිකානු මිසයිලයේ නාශක පද්ධති පිහිටුවීමේ වෑයම නිශ්ඵල බව පෙන්වීමට රුසියාව සමත්වී ඇති බව පැවසෙනවා

ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.45ට මෙම මිසයිලය දියත්කල අතර එය රුසියාවේ අශ්ට්‍රාකන් ප්‍රදේශයෙන් නිකුත්වුනා. විනාඩි කිහිපයකට පසුව මිසයිලයේ පිපුරුම් හිස (war-head) කසකස්ථානයේ බල්කාශ් ප්‍රදේශයේ සළකුණු කොට තිබුණු ඉලක්කය වෙත නිවැරදිව පතිතවුනු බව වාර්තාවුනා. රුසියානු ආරක්ශක අමාත්‍යාංශයට අනුව, මෙම අත්හදාබැලීම සිදුකරණ ලද්දේ මෙම නවතම මිසයිල නිර්මාණයේ තාක්ශණික විශ්වසනීයත්වය (technical reliability) තහවුරු කරගැනීමට හා මිසයිලය දියත්කිරීමේ ක්‍රියාදාමය (launch procedure) ආරක්ශා සහිතබව තහවුරු කරගැනීම සඳහාය.

ඝණ ඉන්ධන (solid propellant) වලින් ක්‍රියාත්මක රොකට් එන්ජිමකින් සමන්විත මෙම මිසයිලයේ 4වැනි සාර්ථක අත්හදා බැලීම මෙය වන අතර මිසයිලයේ සියලුම පද්ධතිවල ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීම සඳහා තවත් අත්හදාබැලීමේ දියත් කිරීම් දෙකක් සිදුකල යුතු බව උපායමාර්ගික රොකට් බලකාය පවසනවා.

දැනට රුසියාව සතුව පැරණි සෝවියට් නිර්මාණයක් වන SS-18 වර්ගයේ බැලිස්ටික් මිසයිල 58ක් ඇති අතර මෙය ලොව බලසම්පන්නම හා විනාශකාරීම න්‍යශ්ඨික බෝම්බ රැගෙන යාහැකි බැලිස්ටික් මිසයිලය ලෙස සැළකෙනවා. මෙගාටොන් 18-20ක න්‍යස්ඨික බෝම්බයක් රැගෙන කිලෝමීටර් 7000ක් දුර ඉලක්කයක් වෙත යාහැකි අන්තර්-මහද්වීපික මිසයිලයකි. මීට අමතරව ටොපොල් වර්ගයේ (SS-25) මිසයිල 220කට අධික ප්‍රමාණයකුත්, යාර්ස් වර්ගයේ මිසයිල 18කුත් රුසියාව සතුව තිබෙනවා.

2014 වසරේදී මෙම අලුත් මිසයිලය සක්‍රිය සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තුවන අතර නුදුරු අනාගතයේදී, දැනට සක්‍රිය සේවයේ පවතින ටොපොල් වර්ගයේ මිසයිල වෙනුවට ආදේශ කෙරෙනු ඇති. එමෙන්ම ඉදිරි අනාගතයේදී මෙම මිසයිලය මෑතකදී රුසියානු රොකට් බළකායේ සේවයට අනුයුක්ත කෙරුනු නවීන "යාර්ස්" මිසයිලය වෙනුවට ආදේශ කලහැකි බවද පැවසෙනවා.